31.1 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්කුඩු ජාවාරම් කළ 07ක් පොලිස් දැලේ

මත්කුඩු ජාවාරම් කළ 07ක් පොලිස් දැලේ

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය විසින් ඊයේ (28) මත්කුඩු ජාවාරමේ යෙදුනු හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෙදාහැරීමට සූදානම් කර තිබූ අයිස් සහ හෙරොයින් පැකට් තොගයක්ද ඔවුන් සමග තම භාරයට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවන් යාපනය, ග්‍රෑන්ඩ්පාස්, බොරැල්ල සහ නිට්ටඹුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වැඩිදුරටත් පොලීසිය සඳහන් කළේ.

මේ අතර මේ දිනවල විශේෂ මෙහෙයුමක් බුද්ධි අංශ, පොලිස් විශේෂ කාර්‍ය බලකාය සහ පොලිස් කොට්ටාස මට්ටමින් සංවිධානාත්මක අපරාධකරුවන් අතඩංගුවට ගැනීමට දියත්කල බව පොලීසිය සඳහන් කළේය.

මෙම මෙහෙයුම දියත්කර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්,කොල්ලලෑම් සහ මේ දිනවල වාර්තාවන වෙඩිතබා මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහායි.