― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalරජයේ කිසිම තනතුරක් බාරගන්නෑ - රන්ජන් රාමනායක

රජයේ කිසිම තනතුරක් බාරගන්නෑ – රන්ජන් රාමනායක

සිර දඬුවමින් නිදහස් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක රජයේ කිසිදු තනතුරක් භාර නොගන්නා බව පැවැසීය.

එසේ තනතුරක් භාර ගතහොත් එය ඩීල් එකක් ලෙස සිතිය හැකි බවත් ජනතාවට සේවය කිරීම සඳහා තනතුරු අවශ්‍ය නැති බවත් හෙතෙම අවධාරණය කළේය.

විදේශ සේවා, කම්කරු හා වෘත්තීය පුහුණු ඇමැති මනුෂ නානායක්කාර මහතා විසින් රන්ජන් රාමනායකට ලබාදීමට යෝජනා කළ විදේශගත සේවා නියුක්තිකයන් වෙනුවෙන් වූ තානාපති තනතුර සම්බන්ධව කළ විමසීමේදී ඒන්ජන් රාමනායක මේ බව පැවසීය.

තමා තවදුරටත් විදේශගත සේවා නියුක්තිකයන් වෙනුවෙන් සේවය කරන බවත් ඉදිරියේදී චිත්‍රපට කිහිපයක රඟපෑමට නියමිත බවත් රන්ජන් රාමනායක කීවේය.