22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරාජගිරියේ කෑම කඩේක බළල් අසූචි සමඟ කෑම දීලා

රාජගිරියේ කෑම කඩේක බළල් අසූචි සමඟ කෑම දීලා

ඉකුත් 28 වෙනිදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අංශය විසින් සිදුකල වැටලීමකින් බළල් අසූචි සහිත මිනිස් පරිභෝජනයට නො සුදුසු ආහාර අලෙවි කරමින් පවත්වාගෙන ගිය වෙළෙඳසැල් තිහක් සොයාගෙන පුද්ගලයන් අටදෙනෙකුට නඩු පවරා තිබෙනවා.

නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රුද්‍රිගෝගේ ප්‍රධානත්වයෙන් ඒ ප්‍රදේශයේ මහ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරීමේ අරමුණින් කළ වැටලීමක දී මෙම වෙලඳසැල් නිරීක්ෂනය වී තිබේ.

එලෙස රාජගිරියේ පිහිටි ප්‍රසිද්ධ වෙලඳසැලක මුළුතැන්ගෙයෙහි බළල් අසූචි තිබෙනු දුටු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් එම ආපනශාලාවට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.
වරදේ ස්වභාවය මත රුපියල් පන්දහස, දහදහස සහ පහළොස් දහස වන පරිදි රුපියල් 82,500 ක දඩ මුදලක් වෙන් වෙන් වශයෙන් ඔවුන්ට නියම කර තිබෙනවා.

මෙම වැටලීමේ දී ඇතැම් වෙළෙඳ සැල්වල පිසූ ආහාර සමඟ මස් මාළු ශීතකරණවල ගබඩා කිරීම, මැස්සන් මදුරුවන්ට වැසිය හැකි ආකාරයට වෙළෙඳසැල්වල ආහාර නිරාවරණය කර තිබෙනු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබෙනවා.