26.1 C
Colombo
Sunday, December 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශ රැකියා පෝරමයේ පිටු අඩුවෙයි

විදේශ රැකියා පෝරමයේ පිටු අඩුවෙයි

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය විසින් විදේශ රැකියා සඳහා පිටත්වීමට අපේක්ෂා කරන අය විසින් පිරවිය යුතු පෝරමයේ පිටු ගණන අඩු කිරීමට විදේශ කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් තීරනය කර තිබෙනවා.

ඒ අනුව මෙම අයදුම් පත්‍රයේ පිටු සංඛ්‍යාව පිටු 4 සිට 2 දක්වා අඩු කර ඇති අතර මුද්‍රණ කටයුතු සඳහා එම නව පෝරමය රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යවා තිබෙනවා.

අමාත්‍යංශය විසින් බලාපොරොත්තු වන්නේ මේ තුලින් අයදුම් පත්‍රය මුද්‍රණය කිරීමේ පිරිවැය සියයට 50කින් පමන අඩු කර ගැනීමටයි.