31 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිමල්ට එරෙහි නඩුවක් කල් යයි

විමල්ට එරෙහි නඩුවක් කල් යයි

විමල් වීරවංශට එරෙහි නඩුවක් දෙසැම්බර් 12 වැනිදා කැඳවන ලෙස මහාධිකරණය අද (29) නියෝග කළේය.

2016 වසරේදී එක්සත් ජාතීන්ගේ එවක මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය සිදුකිරීම හරහා මහජන පීඩාවක් සිදුකළේ යැයි පවසමින් විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව පනවා ඇති නඩුව මෙලෙස දෙසැම්බර් මස 12 වනදා කැඳවන ලෙස නියම කර තිබේ.

එහිදී සැකකරුවන් වශයෙන් නම් කර සිටින විමල් වීරවංශ, වීරකුමාර දිසානායක, පියසිරි දිසානායක සහ මොහොමඩ් මුසම්මිල් අධිකරණය හමුවේ පෙනී සිටියහ.