26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගණේමුල්ලේ මනුෂ්‍ය ඝාතනයක්

ගණේමුල්ලේ මනුෂ්‍ය ඝාතනයක්

ගණේමුල්ල පොලිස් වසමේ හොරගොල්ල ප්‍රදේශයේදී තියුනු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට ගණේමුල්ල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මියගිය පුද්ගලයා අවුරුදු 28ක් වු හොරගොල්ල ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.

මියගිය අය වෙළඳසැලකට හා එහි හිමිකරුට පහරදීමේ සිද්ධියක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් වෙළඳසැල් හිමිකරුගේ පුතා විසින් මරනකරුට පදිංචි නිවසට යාබද නිවසක ඉඩමක් තුලදී ගෙලට තියුනු ආයුධයකින් පහරදී ඇතිබවට විමර්ශන වලදී අනාවරනය වී තිබේ.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

මේවනවිට සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහුව සොයා ගණේමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.