29.5 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෞතම් අදානි ලොව ධනවත්ම පුද්ගලයින් තිදෙනා අතරට

ගෞතම් අදානි ලොව ධනවත්ම පුද්ගලයින් තිදෙනා අතරට

ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන ගෞතම් අදානි, ප්‍රංශයේ බර්නාඩ් ආර්නෝල්ඩ් අභිබවා ලොව තුන්වන ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ.

ව්‍යාපාර වර්ධනයේ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන අදානි සමූහය පසුගිය පෙබරවාරි මාසයේදී ඉන්දියාවේ ධනවත්ම ලැයිස්තුවේ ඉහළින්ම සිටි රිලයන්ස් සමූහයේ මුකේෂ් අම්බානි අභිබවා ගියේය.

මේ වනවිට වරාය, ගුවන්තොටුපළ, බලශක්තිය, විදුලි සංදේශ වැනි ක්ෂේත්‍ර රැසක අඩිතාලමක් අදානි සමූහය සතුව පවතී.

අඛණ්ඩව ඉදිරියට යමින් අදානි ආසියානු ධනවත් ලැයිස්තුවේද ප්‍රමුඛයා බවට පත්ව තිබේ.

පසුගිය ජූලි මාසයේදී ඔහු මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් අභිබවා ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ 4 වැනි ස්ථානයට පත් විය. මෙහිදී ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානි ප්‍රංශයේ බර්නාඩ් ආර්නෝල්ට් අභිබවා 3 වැනි ස්ථානයට පැමිණ ඇති අතර ඔහුගේ ශුද්ධ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 137.4කි.