ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (29) පස්වරුවේ දී සැකකරුවන් තිදෙනා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.ඒ අයුතු අවහිරය, අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම, ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම, සාපරාධී බලහත්කාරය පෑම හා රාජකාරියට බාධා කිරීම යන චෝදනා මතයි.අත්අඩංගුව ගත් පිරිස වයස අවුරුදු 31, 51 හා 52 වයස්වල පසුවන පිටබැද්දර හා කොළඹ 15 යන ප්‍රදේශවල පුද්ගලයින්.