25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsප්‍රාදේශීය සභා 22ක් ඒකාබද්ධ කෙරේ

ප්‍රාදේශීය සභා 22ක් ඒකාබද්ධ කෙරේ

තෝරාගත් ප්‍රාදේශීය සභා කිහිපයක් ඒ ආසන්නයේ පිහිටි නගර සභාවට හෝ මහ නගර සභාවට ඒකාබද්ධ කිරීමට තමා යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

අද පාර්ලිමේන්තුවට අතුරු අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

ඒ සඳහා මේ වන විටත් ප්‍රාදේශීය සභා 22ක් තෝරාගෙන ඇති බවත් ආදායම් මාර්ග බහුල පළාත් පාලන ආයතන මෙන් ම ප්‍රමාණවත් ආදායම් මාර්ග නො මැති පළාත් පාලන ආයතන පැවතීම හේතුවෙන් කාර්යක්ෂ ම මහජන සේවයක් සැලසීම සහ පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා ආරම්භයක් වශයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.