22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් ඉපැයූ කතක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් ඉපැයූ කතක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ලද මුදල් බවට සැකකරන රුපියල් ලක්ෂ 36ක පමණ මුදලක් ස්ථිර තැන්පතු ගිණුමක හා ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කර තිබීම හා රන් භාණ්ඩ පවුම් 60 කට අධික ප්‍රමාණයක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි බැංකු ශාඛාවක ආරක්ෂිත සේප්පුවක් තුළ සඟවා තැබීම සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රැන්ඩ්පාස් පොලිස් වසමේදී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශන සිදුකර මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන අතර සැකකාරිය වයස අවුරුදු 53 ක්වූ ෆර්ගියුෂන් පාර, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය අද (30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.