28.4 C
Colombo
Saturday, January 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංශෝධිත අයවැය අද පාර්ලිමේන්තුවට

සංශෝධිත අයවැය අද පාර්ලිමේන්තුවට

2022 වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව අද පස්වරු 1ට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට රුපියල් බිලියන 4672ක් වෙන් කළ මෙම අතුරු අයවැය ඉදිරිපත් කෙරේ.

අයවැය කතාව පස්වරු 2 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ඉන් අනතුරුව සභාව හෙට දක්වා කල්තැබෙනු ඇත.

සැප්තැම්බර් මස 02 වැනිදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර ලබන 02 වැනිදා පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතයි.

සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත මගින් මෙවර වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ රාජ්‍ය පරිපාලන හා පලාත් පාලන අමාත්‍යංශයටයි. ඒ අනුව රුපියල් බිලියන 735ක් මේ සඳහා වෙන් කොට තිබේ.

මුදල් හා ආර්ථීක ස්ථායිතා අමාත්‍යංශයට රුපියල් බිලියන 467ක්ද, ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 376ක්ද වෙන්කර ඇත.