23 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසපුගස්කන්දේ පෙට්‍රල්, ඩීසල් නිෂ්පාදනය 22%කින් පහතට

සපුගස්කන්දේ පෙට්‍රල්, ඩීසල් නිෂ්පාදනය 22%කින් පහතට

මෙරටට ගෙන ආ බොරතෙල්වල ප්‍රමිතියේ පවතින ගැටලුවක් නිසා මේ වන විට සපුගස්කන්ද පිරිපහදුවේ පෙට්‍රල්, ඩීසල් නිෂ්පාදනය 22%කින් පහත වැටී ඇතැයි වාර්තා වෙයි.

කොරල් එනර්ජි නැමැති ඩුබායිහි ලියාපදිංචි මෙම සමාගමෙන් බොරතෙල් හෝ පිරිපහදු කළ ඉන්ධන මිලදී නොගන්නා ලෙසට තෙල් සංස්ථා උසස් නිලධාරින් දිගින් දිගටම කරුණු පෙන්වා දුන්නත් බැරලයකට ඩොලර් 15ක මුදලක් හා ප්‍රිමීයම් ගෙවීම් ලෙස ඩොලර් 24 ක් ගෙවමින් එම සමාගමෙන් මෙම බොරතෙල් තොගය මෙරටට ගෙනැවිත් තිබේ.

මෙරටට ගෙනා බොරතෙල් මෙට්‍රික් ටොන් 99,000 ක් භාවිතා කර සපුගස්කන්ද පිරිපහදුව ක්‍රියාත්මක කළත් ඉන් 52%ක්ම නිපදවෙන්නේ දැවිතෙල් බව එහි නිලධාරියෙක් පැවසීය.