25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅර්ජුන ඇලෝෂියස්ට සිතාසි

අර්ජුන ඇලෝෂියස්ට සිතාසි

ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බදු මුදල් පැහැර හැරීම නිසා අර්ජුන ඇලෝෂියස්ට අධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබේ.

ඒ ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි 167 ක බදු මුදලක් නොගෙවීම සම්බන්ධවයි.

අද (02) අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ විසින් මෙම සිතාසි නිකුත් කර ඇත.

නො.309/5, මීගමු පාර, වැලිසර ලිපිනයේ පිහිටි ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුව ඇති රුපියල් 1,678,795,049ක මුදලක් ආදායම් බදු වශයෙන් නොගෙවා පැහැර හැර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම නඩුව ගොනුකරනු ලැබ තිබුණේ ඉකුත් 2021 වසරේදීය.