― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalආර්ථික අර්බුදයට ජනතාවත් වගකිව යුතුයි - වෙල්ගම

ආර්ථික අර්බුදයට ජනතාවත් වගකිව යුතුයි – වෙල්ගම

රට වැටී තිබෙන තත්ත්වයට දේශපාලකයන්, නිලධාරින් මෙන්ම ජනතාවත් වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවැසීය.

මන්ත්‍රරිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (01) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙල්ගම මෙසේද කීය.

අපි වුණත් මාටියා ගහන්නේ නෑනේ අහුවෙන්න. කොම්පැණියක වුණත් ඉන්කම් ටැක්ස්වලට වංගු ගහනවනේ. දැන් කියනවා රාජපක්ෂ කෙනෙක් කෝටි 40ක ගෙයක් ගත්තා කියලා. කවුරුහරි මේක හොයන්න. මේක හෙව්වොත් රාජපක්ෂලා සදහටම ගෙදර යවනවා.

රට වැටිලා තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න අපි සියලු දෙනාම ස්වෙච්ඡාවෙන් වැඩ කළ යුතුයි. අපි සියලු දෙනාම රජයට සහාය දිය යුතුයි. මම ආණ්ඩුවට යන්නේ නෑ ඒක මතක තියා ගන්න. නැතනම් හිතයි මූ මේ ඇමතිකමක් ගන්න හදනවා කියලා. මට ඇමතිකම් ඕන නෑ. අවුරුදු 7ක් ඇමතිකම් නැතිව හිටියේ.

ඇමතිකම් නැතිවුණත් අපේ පැත්තේ මිනිස්සු මට මහ ඇමතිට වගේ සලකන්නේ. අපි ඔක්කොම එකතුවෙලා මේ දැල උස්සමු. දේශපාකයෝ විතරක් නෙමෙයි මේකට නිලධාරිනුත් වග කියන්න ඕන. මේකට මහ ජනතාවත් වග කියන්න ඕන. මොකද මහ ජනතාව වග කින්න ඕන අපි අගේ අය පාර්ලිමේන්තුවට යැව්වට. ඊළඟ පාර වෙනස් කරන්න ඕන. ඒ වෙනස් කරන්නෙත් නෑ.