25 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalචීන පොහොර නැවට ගෙවූ මුදල නැවත ගන්න බෑ - මහින්ද අමරවීර

චීන පොහොර නැවට ගෙවූ මුදල නැවත ගන්න බෑ – මහින්ද අමරවීර

චීන පොහොර නැවට ගෙවූ ඩොලර් මිලියන 6.9ක මුදල හෝ ඒ වෙනුවට රසායනික පොහොර ලබා ගැනීමට කළ උත්සාහයන් අසාර්ථක වූ බව කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (01) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මේ සම්බන්ධව ගත යුතු පියවර පිළිබඳ නීතිපති උපදෙස් ලබාගෙන ඇති බවත් නුදුරේදීම ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

මේ ප්‍රශ්නය පිළිබඳ වැඩිදුර සොයා බලා විසඳුම් ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක්ද පත්කර තිබේ.