32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුමින්ද සිල්වාගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවතට

දුමින්ද සිල්වාගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවතට

මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවත් වී තිබේ.

එම පෙත්සම අද (01) ප්‍රියන්ත ජයවර්ධන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ඉවත් වී තිබේ.

පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බව එහිදී විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන පැවසීය. අනතුරුව නඩු විභාගය කල් තබා ඇත.