29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමනූෂ EPF පෝලිමට තිත තියයි

මනූෂ EPF පෝලිමට තිත තියයි

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ප්‍රතිලාභ ගැනීමට සහ සේවා යෝජක ලියාපදිංචියට දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමට පහසුකම් සපයන 1958 කෙටි අංකය සහ appointment.labourdept.gov.lk යොමුව අද දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ජනගත කරන ලදි.

ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේදීය.

එහි දී අදහස් දැක්වූ අමාත්‍ය මනුෂ නානායක්කාර මෙසේද පැවසීය.

කම්කරු ලේකම් කාර්යාලයට වැඩිපුර ම ලැබෙන්නේ පැමිණිලි. පොඩි ෆයිල් එකක් දෙන්නත් උදේ ආවාම රෑ වෙනකල් වැඩේ කර ගන්න බෑ, පෝලිම් වල ඉන්න වෙනවා, ලොකු වෙලාවක් රස්තියාදු වෙන්න වෙනවා කියන චෝදනා තමයි වැඩි. ඒ නිසා තමයි අපේ ජනතාවට තමන්ගේ සේවාව ඉටුකර ගන්න කලින් ම වේලාවක් වෙන්කර ගන්න පහසුකම් සලසන්න කටයුතු කළේ. දැන් කිසිම කෙනෙක්ට රස්තියාදු වෙන්න ඕනේ නෑ. ජංගම දුරකථනයෙන් හෝ අන්තර්ජාලයෙන් විනාඩියක් දෙකක් ඇතුළත තමන්ට පහසු කාර්යාලයක්, දිනයක් වේලාවක් වෙන් කර ගන්න පුළුවන්. මේ පහසුකම ප්‍රධාන කාර්යාලයට විතරක් නෙවෙයි ලංකාවේ ඕනෑ ම කම්කරු කාර්යාලයකට ම අදාළ යි. මේක නිසා අපිට දිගු වේලාවක් පෝලිම් වල ඉන්න හෝ රස්තියාදු වෙන්න වෙන එකක් නෑ. ඒ වගේ ම කම්කරු කාර්යාලයේ අනෙකුත් මෙහෙයුම් කටයුතු සියල්ලත් මේ විදියට ම ඩිජිටල්කරණය කිරීමට අපි ඉතා කඩිනමින් කටයුතු කරනවා.