― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමහ බැංකුව වගකීමකින් තොරව වැඩ කරලා - කිරිඇල්ල

මහ බැංකුව වගකීමකින් තොරව වැඩ කරලා – කිරිඇල්ල

රටේ ඩොලර් සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන විස්සට වැටී තිබුණු අවස්ථාවේදී එය මැතිසබයට කල් තියා දැනුම් නොදීමෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කළේ සමාව ලබා දිය නොහැකි බරපතළ වරදක් බව ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (01) පාර්ලිමේන්තුවේදී අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කිරිඇල්ල මෙසේද ප්‍රකාශ කළේය.

රටේ ඩොලර් තත්වය ගැන පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න මහ බැංකුවට යුතුකමක් තිබුණත් මහ බැංකුව ඒ යුතුකම ඉටු කළේ නෑ. ඩොලර් මිලියන 7800ක් සමග බාර දුන්න රට ඩොලර් මිලියන 20කට බැස්සාම ඉතාමත් භයානක තත්වයක්. නමුත් මහ බැංකුව පාර්ලිමේන්තුවට කිසිම දැනුම්දීමක් කළේ නෑ.

ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊයේ මහා බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුවට ආවා දේශනයක් පවත්වන්න. එතුමා කිව්වා, එතුමා වැඩ බාරගන්න වේලාවේ මහ බැංකුවේ තිබ්බේ ඩොලර් මිලියන 20යි කියලා. මිලියන 20ක් කියන්නේ අපේ රටේ එක දවසකට යන වියදම. මම එතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා පාර්ලිමේන්තුවට මේ තත්වය දැනුම් දුන්නද කියලා? මොකද මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. අපි රට බාර දෙනකොට ඩොලර් මිලියන 7800 සමග බාර දුන්නේ. මේ මුදල මිලියන 20කට බැස්සාම ඉතාමත් භයානක තත්වයක්. මම මේ ගැන මහා බැංකු අධිපතිවරයාගෙන් ඇහුවා. මේ ප්‍රශ්නේ ඇහුවාම එතුමාට නුරුස්සන ගතියක් ඇතිවුණා.

අපිට මේ මුදල් ගැන දැනගන්න අයිතියක් නැද්ද? අයිතියක් තියනවා, මම ඒකයි ඇහුවේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හිතුවේ මම දේශපාලන ප්‍රශ්නයක් අදිනවා කියලා. අධිපතිතුමා හරියට උත්තරයක් දුන්නෙත් නැ. ඇත්ත වශයෙන්ම පසුගිය ආණ්ඩුවේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා රට බංකොලොත් කියලා කිව්වේ නැ. මහ බැංකුව කිව්වෙත් නෑ. රනිල් වික්‍රමසිංහ අගමැති වුණට පස්සේ තමයි ටිවී එකේ කිව්වේ රට බංකොලොත් කියලා. එතකොටයි අපිත් දැන ගත්තේ. මහ බැංකුව වගකීමකින් තොරවයි වැඩ කරලා තියෙන්නේ.

යුද්ධය පැවති කාලෙත් විදේශීය ශ්‍රමිකයන්ගෙන් වසරකට ඩොලර් මිලියන 500ක් 600ක් පමණ ආවා. අද 1.5ට බැහැලා. ආණ්ඩුව ආයෝජන ගැන කතා කරනවා, නමුත් අපේ විදේශීය ශ්‍රමිකයන්ගේ මුදල් ගෙන්වා ගන්න බෑ. ඒ ඇයි? විශ්වාසයක් නෑ. මම ආණ්ඩුවට කියනවා මේ මුදල් ගෙන්වා ගන්න කටයුතු කරන්න, එහෙම කරගන්න පුළුවන් වුණොත් අපේ මාසේ වියදම හරි හොයා ගන්න පුළුවන්. නමුත් ඒ මුදල්වත් ලබා ගන්න බැරිවෙලා.