28.4 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ සේවකයන්ට විශේෂ ප්‍රවාහන දීමනාවක්

රජයේ සේවකයන්ට විශේෂ ප්‍රවාහන දීමනාවක්

රජයේ සේවකයන්ට විශේෂ ප්‍රවාහන දීමනාවක් ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එකඟ වී තිබේ.

ප්‍රවාහන හා ඉන්ධන පිරිවැය සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න සමඟ පැවැති සාකච්ඡාවේදී සංවර්ධන නිලධාරීන්ගේ සේවා සංගමය මේ බව දැනුම් ඩී තිබේ.

එමෙන්ම බැංකුවලින් ලබාගත් ණය මුදලේ පොලී මුදල ඉහළ දමා ඇති බැවින් රජයේ සේවකයන්ට සහන සැලසීමට මැදිහත් වන බවට සංගමයේ ලේකම්වරයා පොරොන්දු වූ බව එම සංගමයේ ලේකම් චන්දන සූර්යආරච්චි පවසයි.

සතියේ දින පහම රැකියාවට යාමේදී ප්‍රවාහන වියදම් සඳහා විශාල මුදලක් වැය වන බවත් ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.