― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරසායනික පොහොර තහනම නිසා බාල සහල් මෙ.ටොන් 600,000 ආනයනය කළා

රසායනික පොහොර තහනම නිසා බාල සහල් මෙ.ටොන් 600,000 ආනයනය කළා

කාබනික ගොවිතැන ප්‍රවර්ධනය නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රමිතියෙන් තොර සහ විෂ සහිත සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදුව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (01) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකාව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ තහනම් කර ඇති මොනොක්‍රොටෝපොස්, ග්ලයිෆොසේට් වැනි අහිතකර රසායන ද්‍රව්‍ය වී වගාව සඳහා භාවිත කරන රටවලින් ආනයනය කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ වගා කරන සහල්වලට වඩා ආනයනික සහල් හානිකරයි. ලංකාවේ සහල් නිෂ්පාදනය සඳහා මොනොක්‍රොටෝපොස්, ග්ලයිෆොසේට් වැනි රසායනික ද්‍රව්‍ය භාවිත කරන්නේ නැහැ. නමුත් සමහර අංශවල ප්‍රායෝගික නොවන උපදෙස් මත කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීමට අපට අවශ්‍ය වුණා. වී අස්වැන්නේ හිඟය පියවා ගැනීම සඳහා වෙනත් රටවලින් බාල සහ හානිකර සහල් ආනයනය කරන්න සිදුවුණා.