27.2 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරෝගී පියා අවසන් ගමන් යැවූ පුත්‍රයා අත්අඩංගුවට

රෝගී පියා අවසන් ගමන් යැවූ පුත්‍රයා අත්අඩංගුවට

රත්මලාන ප්‍රදේශයේ නිවසක් තුළ අංශභාග රෝගී පියාගේ හිසට පොල්ලකින් පහරදී ඝාතනය කළ බව කියන මන්ද මානසික පුත්‍රයකු අද (01) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හතලිස් තුන් හැවිරිදි වැලිගොඩ ප්‍රින්ස් සුරංග සිල්වා නැමැති මන්ද මානසික රෝගී තත්ත්වයක් සදහා ප්‍රතිකාර ලබන්නෙකි.

දෙමාපියන් අතර ඇතිවූ ආරවුලක් අතරතුර අංශභාග රෝගී තත්ත්වයෙන් ඇද මත සිටි පියාගේ හිසට සැකකාර පුත්‍රයා විසින් පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ගල්කිස්ස පොලිසිය විසින් සිදුකරමින් පවතී.