29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලංකාවේ සෑම 10 දෙනෙකුගෙන්ම තිදෙනෙක් ආහාර අනාරක්ෂිතභාවයෙන්

ලංකාවේ සෑම 10 දෙනෙකුගෙන්ම තිදෙනෙක් ආහාර අනාරක්ෂිතභාවයෙන්

ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයින් 10 දෙනෙකුගෙන්ම තිදෙනෙක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ, රටේ ජනගහනයෙන් මිලියන 6.3 කට ආසන්න ජනතාවක් ආහාර අනාරක්ෂිතාව සහ ආධාර අපේක්ෂාවෙන් සිටින බවයි.

මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් ගැබිණි මව්වරුන් හා කිරි දෙන මව්වරුන් දැඩි පීඩාවට පත්ව සිටින බව නිවේදනයක් නිකුත් කරමින් ලෝක ආහාර වැඩසටහන පෙන්වා දී තිබේ.

ඒ අනුව අවුරුදු 05ට අඩු දරුවන් මෙන්ම දියවැඩියාව වැනි බෝ නොවන රෝගවලින් පීඩා විඳින්නන්ද ආර්ථික අර්බුදය හමුවේ දැඩි බලපෑමකට ලක්වන බව එම නිවේදනයේ දැක්වේ.

වෙනත් මධ්‍ය ආදායම් ලබන රටවලට සාපේක්ෂව ලංකාවේ අවුරුදු 05ට අඩු දරුවන්ගේ මන්දපෝෂණ මට්ටම ඉහළ අගයක් ගන්නා බවත් එම වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් 17% ක් වයසට සරිලන වැඩීමක් නොමැති දරුවන් වන අතර තවත් 15% ක් කෘෂ දරුවන් බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

සෞඛ්‍ය සංවිධාන දත්ත අනුව එය ඉතා බැරෑරුම් තත්ත්වයක් වන අතර මිලියන 1.5 කට ආසන්න පිරිසකට හදිසි ආහාර ආධාර අවශ්‍යව ඇතැයිද ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙයි.