26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාව ගැන IMF නිල නිවේදනය අද

ලංකාව ගැන IMF නිල නිවේදනය අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට හදිසි ණය ආධාර ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවකට පැමිණ ඇති බවත් මේ බව අද නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

ඒ අනුව එම මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අද (01) උදේ 11.00ට මහ බැංකු මූලස්ථානයේදී නිල වශයෙන් මාධ්‍ය හමුවක් පවත්වයි. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර ණය ආධාර ලබාගැනීම සම්බන්ධයෙන් වන මූලික එකඟතාව ප්‍රකාශ කරනු ඇතැයි වාර්තා වනවා.