31.1 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෝඨාභය අද රාත්‍රියේ දිවයිනට!

ගෝඨාභය අද රාත්‍රියේ දිවයිනට!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (02) රාත්‍රි 11.30ට ගුවන් මගින් කටුනායක ගුවන්තොටුපොළට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ඔහු අද තායිලන්තයේ සිට සිංගප්පූරුව හරහා මෙරටට ළඟා වීමට නියමිතය.

පසුගිය ජූලි 09 වැනිදා අරගලකරුවන් විසින් ජනපති මන්දිරය වැටලීමත් සමඟ ජූලි 13 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මෙරටින්
මාලදිවයින බලා පළා ගියේය.

ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ වෙත විශේෂ ආරක්ෂාවක් සැපයීමට ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇති අතර මිරිහානේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසට පෙර පැවති ආරක්ෂාව ලබා දීමටත් කටයුතු කර තිබේ.