― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalදමනය කළ යුත්තේ අරගලකරුවන් නොව උද්ධමනයයි - එරාන්

දමනය කළ යුත්තේ අරගලකරුවන් නොව උද්ධමනයයි – එරාන්

දමනය කළ යුත්තේ අරගලකරුවන් නොව උද්ධමනය බවත් බයිලා හෝ රස කතා කියා රට ගලවා ගත නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (02) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

රට බංකොලොත් කළ පංච මහා කුරහන් සාටක නායකයින්ට බේරෙන්න දෙන්න බැරි බවත් අවස්ථාවාදී දේශපාලන ගුණ්ඩුවලට කිසිම සහායක් නොදෙන බවත් එරාන් වික්‍රමරත්න වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුව හැමදාම කළේ රස කතා කියා රට ඇන්දවීම බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ රට බංකොලොත් කළ මුදල් ඇමති ළඟ දණින් වැටෙන මන්ත්‍රීවරුන් තවම සිටින බවයි.