29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමහබැංකු අධිපති ඉවත් කරන්න එපා - ඒ වෙනුවට මං යන්නම්

මහබැංකු අධිපති ඉවත් කරන්න එපා – ඒ වෙනුවට මං යන්නම්

කාට හරි මහබැංකු අධිපතිවරයාව ඉවත් කිරීමට ඕනේ නම් තමා පැත්තකට ගොස් එතුමාව තියා ගන්නැයි පවසන බවත් මේ වගේ නිර්භීත තීරණ ගන්න මිනිස්සු තියාගත යුතු බවත් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වූ අදහස් සම්බන්ධයෙන් අද (02) පාර්ලිමේන්තුවේදී දීර්ඝව අදහස් දක්වමිනි.

තමා මුදල් අමාත්‍යවරයා ලෙස සිටි සමයේ ගත් සියලු තීන්දු තීරණවල වගකීම භාර ගැනීමට තමන් සූදානම් බවත් මහ බැංකුවේ උපදෙස් මත රට ණය ගෙවීම් නවතා දමන බවට සිදු කළ ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම හෝ එම ක්‍රියාමාර්ග හරහා යම් අගතියක් සිදු වී යැයි මෙම සභාවේ සිටින කිසියම් හෝ කෙනෙකුට සිතේ නම්, එම සියලු තීන්දු තීරණ පිළිබඳ සමස්ත වගකීම තමා ගන්නා බවත් අමාත්‍යවරයා එහිදී පරකාශ කළේය.

සල්ලි නෑ ගෙවන්න, ඩොලර් මිලියන 203ක් ගෙවන්න තියනවා. භාණ්ඩාගාරයේ තිබ්බෙ අමෙරිකානු ඩොලර් තිස් හත්දාහයි. එතකොට ඒවා ගෙවනවද ණය ගෙවනවද? මට හිතා ගන්න බෑ! මම ඒ වගකීම බාර ගත්තා. මම ඒ තීරණය අවශ්‍ය අයත් එක්ක සාකච්ඡා කළා. මට ඒ තීරණය ගන්න මහ බැංකු අධිපතිතුමා අවශ්‍ය උපදෙස් දුන්නා. නමුත් කාට හරි ඔහුව ඉවත් කරන්න ඕන නම්, මම පැත්තකට යන්නම්, එතුමාව තියා ගන්න. ඔහු ගත්ත තීරණවලින් අද ජනතාවට ප්‍රතිලාභ ලැබෙනවා. බොරුවට මිනිස්සු පස්සෙ යන්න එපා. මේ වගේ නිර්භීත තීරණ ගන්න මිනිස්සු තියාගන්න ඕන.