දායකත්ව විශ්රාම වැටුප් ක්රමයක් හදා රජයේ සේවකයන්ගේ විශ්රාම වැටුපටත් තට්ටු කරන්න හදන බව මන්ත්රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.
මන්ත්රීවරයා මේ බව ප්රකාශ කළේ අද (02) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
විශ්රාම වැටුප රාජ්ය සේවකයන්ගේ අයිතියක් බව පැවසු මන්ත්රීවරයා කියා සිටියේ දැන් එයටත් වැඩේ දෙන්න යන බවයි. ජනාධිපතිට උපදෙස් දෙන්නේ රට ප්රතික්ෂේප කර හිටපු අගමැති සහ ඔහුගේ සගයන් බව ද අයවැය අවසන් දින විවාදයට එක්වෙමින් මද්දුමබණ්ඩාර කීය.