31.1 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරටට මෙහෙම වුණාට නන්දලාලුයි, සබ්රියි මොනා කරන්නද?

රටට මෙහෙම වුණාට නන්දලාලුයි, සබ්රියි මොනා කරන්නද?

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ හා අමාත්‍ය අලි සබ්‍රි වෙතට රට බංකොලොත් කිරීමේ චෝදනාව එල්ල කිරීම සඳහා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (02) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මේ ව්‍යාපාරයක් කරගෙන යනවා ඔක්කොමල එකතුවෙලා රට බංකොලොත් කරන්න සබ්‍රි නන්දලාල් වීරසිංහ එකතු වෙලා වැඩක් කලා කියලා. මොකක්ද මේ කතාව? අනික් එක ගරු කතානායකතුමනි අපේ විපක්ෂ නායකතුමා අප්‍රේල් මාසයේ පොයින්ට් 9ක් ඉදිරිපත් කළා. එතුමා කිව්වෙ මොකද්ද එතුමා කිව්වෙ අර ණය හිමියන් සමග සාකච්ඡා කරන්න පටන් අරන් අපිට මේ ණය අත්හිටුවන්න කැමැත්ත ගන්න කියලා. ඒ කැමැත්ත ඉල්ලගන්න සබ්රි ඇමතිතුමාට වෙලාවක් තිබුණේ නැහැ. මොකද ඒ කැමැත්ත ඉල්ලන්න එදා හිටපු නිවාඩ් කබ්රාල් එතුමාට හෝ වෙන කාටවත් අවස්ථාවක් දුන්නේ නෑ ගරු කථානායකතුමනි. දැන් මේක පුදුම කතාවක්. ඒ මනුස්සයා මොනවා කරන්නද? නන්දලාල් වීරසිංහ මොනවා කරන්නද? නන්දලාල් හිටියෙත් නැහැ. ඒ නිසා අපි තාමත් මේ ප්‍රශ්නය තේරුම් ගන්නේ නැතුව එකිනෙකාට බෝම්බ ගහන්න උත්සාහ කරනවා නම් මේ ප්‍රශ්නයෙන් එළියට එන්න බැහැ.