27.8 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවට කඩුළු 02ක සුපිරි ජයක්

ශ්‍රී ලංකාවට කඩුළු 02ක සුපිරි ජයක්

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (01) පැවති තරගය කඩුලු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාව විසින් දිනා ගනු ලැබුවා. ඒ අනුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක තීරණය කළේ මුලින්ම පන්දු රැකීමටයි.

පන්දුවට පහර දීමට පිටියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 183 ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහේෂ් තීක්ෂන පන්දුවාර 4 අවසානයේ 1 කඩුල්ලක් ලබා ගත්තා. අසිත ප්‍රනාන්දු 1 කඩුල්ලක්, වනිඳු පන්දුවාර 4 අවසානයේ කඩුලු 2ක් ලබා ගත්තා.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මෙහිදී හසන් මිස්රා පන්දු 26කදී ලකුණු 38ක් ලබා ගත්තා. සකීබ් අල් හසන් පන්දු 22කදී ලකුණු 24ක් ලබාගත්තා. මේ අනුව ජයග්‍රාහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම 184 ලබාගත යුතු වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 19.2 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 184ක් ලබා ගත්තා.

කුසල් මෙන්ඩිස් අනර්ඝ ඉනිමක් ක්‍රිඩා කරමින් ලකුණු 60ක් ලබා ගත්තා. සිය මංගල පන්දුවාර 20 තරගයට එක් වූ අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ඔහු මුහුණදුන් පන්දු තුනෙන් දෙකක්ම හතරේ සීමාව කරා පිටත් කර හරිමින්.

කෙසේ වෙතත් තරගයේ ජයග්‍රහණය තීරණය කෙරුණේ දහනව වැනි පන්දු ඕවරය තෙවැනි පන්දුව නිපන්දුවක් වීමත් සමඟයි. මේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයට එකතු වීම සඳහා අවස්ථාව හිමිවනවා.