28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසජිත් - ඩලස් අයවැයට ඡන්දය ලබා නොදීමේ තීරණයක්

සජිත් – ඩලස් අයවැයට ඡන්දය ලබා නොදීමේ තීරණයක්

අද (02) පැවැත්වෙන අතුරු අයවැය ඡන්ද විමසීමේදී ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මාධ්‍ය අමතමින් මේ බව ප්‍රකාස කළ අතර සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරද මේ බව තහවුරු කළේය.

පසුගියදා පාර්ලිමේන්තුවේ විපක්ෂයට එක්වූ ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ කණ්ඩායමද අද පැවැත්වෙන අතුරු අයවැය ඡන්ද විමසීමේදී ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල් පීරිස් විසින් මේ බව තහවුරු කර තිබේ.