25 C
Colombo
Tuesday, April 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅද සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 100 – 200ත් අතර මිලකින් පහත දමන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ ලිට්‍රෝ ගෑස් සමාගම, මුදල් අමාත්‍යංශ සහ පාරිභෝගික කටයුතු අධිකාරිය සමඟ එකතුව හදුන්වාදුන් ගෑස් මිල සූත්‍රය අනුව මෙම මිල අඩුකිරීම සිදුවන බවයි.

ලෝක වෙළෙඳපොළේ වත්මන් ගෑස් මිල ගණන් අනුව මෙම මිල අඩුකිරීම සිදුවන බවත් සියලුම ප්‍රමාණවල ගෑස් සිලින්ඩර් මිල මේ අනුව අඩු වන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

ගතවූ මාස දෙකක කාලයේදී ලිට්‍රෝ ගෑස් සමාගම සැලකිය යුතු ලාභයක් උපයා ඇතැයි කී සභාපතිවරයා ඉකුත් අගෝස්තු මාසයේ පමණක් සමාගම රුපියල් කෝටි 70 ක අධික ලාභයක් උපයා ඇති බව පැවසීය.