28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅලුත උපන් දරුවන්ට ඩිජිටල් උප්පැන්න සහතිකයක්

අලුත උපන් දරුවන්ට ඩිජිටල් උප්පැන්න සහතිකයක්

මහජන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ජාතික උප්පැන්න සහතිකය මේ වනවිට ඩිජිටල් ආකාරයෙන් නිකුත් කෙරේ.

ඩිජිටල් උප්පැන්න සහතික යෝජනා ක්‍රමය රට පුරා ව්‍යාප්ත කරන බවත් අගෝස්තු 01 වැනිදායින් පසු උපදින දරුවන්ට ඩිජිටල් ආකාරයෙන් උප්පැන්න සහතික ලබාගත හැකි බවත් රෙජිස්ට්‍රාර් ජනරාල් ප්‍රභාත් අබේවර්ධන පැවසීය.

දරුවාට වයස අවුරුදු 15 සම්පූර්ණ වූ විට, ඩිජිටල් උප්පැන්න සහතිකයේ ඔවුන්ගේ නමට යාබදව දක්වා ඇති අංකය ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය බවට පත්වේ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හයක මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කර ඇති බවද ඔහු වැඩිදුරටත් දන්වා සිටියේය.