27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉදිරියේදී සහනාධාර බෙදන්නෙත් QR එකෙන්

ඉදිරියේදී සහනාධාර බෙදන්නෙත් QR එකෙන්

සුබසාධක සහනාධාර හිමිවිය යුතු පුද්ගලයින් වෙත QR ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ අද (05) පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය වුණා.

ඒ අනුව මහජනාධාර වැඩසටහන් වන සමෘද්ධි, වැඩිහිටි පුද්ගල, ආබාධිත පුද්ගල සහ වකුගඩු රෝගී ජීවනාධාර වැඩසටහන් යටතේ ප්‍රතිලාභ ලබන පුද්ගලයින් මෙම වැඩසටහනේ ඉලක්කය වී තිබෙනවා.

එමෙන්ම එම සහනාධාර අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින පවුල්වල පුද්ගලයින්ද ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව ඇති රජයේ සුබසාධක ප්‍රතිලාභ අපේක්ෂාවෙන් පසුවන සියලු පිරිස් මෙම වැඩසටහනට එක්කර ගැනීමට නියමිතයි.

මූලික පියවර හයක් යට‍තේ මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, පවුල් මිලියන 3.9 ක් මෙම වැඩසටහන සඳහා අයදුම් කරනු ඇති බවට මේ වනවිට ඇස්තමේන්තුගත කර තිබෙනවා.