26.7 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැනඩාවේ පිහි හරඹයකින් 10ක් ජීවිතක්ෂයට

කැනඩාවේ පිහි හරඹයකින් 10ක් ජීවිතක්ෂයට

කැනඩාවේ සස්කැච්වන් පළාතේ ස්ථාන කිහිපයකදී සිදු කළ පිහි ඇනුම්වලින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

මෙම ප්‍රහාර මාලාවෙන් 15 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සස්කැච්වන්හි ස්ථාන 13කදී එම පිහි ඇනුම් වාර්තා වී ඇති අතර ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් මේ වනවිට ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තිබේ.

එනමුත් එම සැකකරුවන් දෙදෙනා මේ වන විට පළාගොස් තිබීම හේතුවෙන් සස්කැච්වන්හි ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.