25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රීවිල් රියදුරන් බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

ත්‍රීවිල් රියදුරන් බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

ඉන්ධන කෝටාව වැඩි කරන ලෙස ඉල්ලමින් ත්‍රිරෝද රථ වෘත්තීය සංගම් කිහිපයක් බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා තිබේ.

තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තුරු එම ස්ථානයෙන් ඉවත් නොවන බව ඔවුන් පවසයි. ත්‍රිරෝද රථ රියදුරන් පෙන්වා දෙන්නේ QR ක්‍රමය යටතේ සතියකට පෙට්‍රල් ලීටර් 5ක් ප්‍රමාණවත් නොවන බවයි.

කෙසේ වෙතත් ඉන්ධන කෝටාව සංශෝධනය කිරීමට බලශක්ති අමාත්‍යාංශය මෙතෙක් පියවර ගෙන නැහැ. ඒ අනුව තමන්ට ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ දමන ලෙස ඉල්ලා වෘත්තීය ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගම් කිහිපයක නියෝජිතයින් අද (05) පෙරවරුවේ බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් වසා දමා ඇති බවද සඳහන්. එමෙන්ම අදටත් ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබේ.