32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතිරිඟු පිටි හිඟයට සතියකින් විසඳුම්

තිරිඟු පිටි හිඟයට සතියකින් විසඳුම්

සතියක් යනවිට රට තුළ පවතින තිරිඟු පිටි හිඟයට විසඳුම් ලබාදීමට වෙළඳ අමාත්‍යවරයා පොරොන්දු වූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසනවා.

වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සහ බේකරි හිමියන්ගේ සංගමය අතර අද (05) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

මෙරට තුළ පවතින ප්‍රධාන තිරිඟු පිටි සමාගම් දෙක තම නිෂ්පාදන අඩු කිරීම මෙලෙස වෙළඳපොළ තුළ තිරිඟු පිටි හිඟයක් ඇතිවීමට හේතු වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙවැනි තත්ත්වයක් තුළ ග්‍රෑම් 400ක පාන් ගෙඩියක මිල රුපියල් 300ක් දක්වා ඉහළ යා හැකි බවයි එම සංගමයේ සභාපතිවරයා පෙන්වා දුන්නේ. රජය විසින් මැදිහත්ව තිරිඟු පිටි හිඟයට කඩිනම් විසඳුමක් ලබා දුනහොත් පාන් ගෙඩියක මිල රුපියල් 300ක් දක්වා යාම වළක්වා ගත හැකි බවයි බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ.

පවතින තිරිඟු පිටි හිඟය ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් බේකරි හිමියන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට පසුගියදා කටයුතු කළා.