28 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"දැන් ශ්‍රීලනිපයක් නැහැ - ශ්‍රීලනිපයේ ප්‍රජාතන්ත්‍රවාදය මරා දාලා තියෙන්නේ"

“දැන් ශ්‍රීලනිපයක් නැහැ – ශ්‍රීලනිපයේ ප්‍රජාතන්ත්‍රවාදය මරා දාලා තියෙන්නේ”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් පක්ෂයක් මේ වනවිට නොමැති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසයි.

අද (05) කොළඹදී නව ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළාය.

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තිබූ ප්‍රජාතන්ත්‍රවාදය මරා දමා ඇති බවයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම බලය වැඩිකර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස්කර ගැනීමට එහි සභාපතිවරයා මේ වනවිට කටයුතු කර ඇති බව ද හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළාය.

නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය සහ ජනතාව වෙනුවෙන් තමන් ඉදිරියේ දී කටයුතු කරන බව හිටපු ජනාධිපතිනිය එහිදී සඳහන් කර සිටියාය.