25 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුරකථන සේවා ගාස්තු 20%කින් ඉහළට

දුරකථන සේවා ගාස්තු 20%කින් ඉහළට

අද (05) සිට දුරකථන සේවා ගාස්තු 20%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා පැවසුවේ,

එක සමාගම 49 කාඩ් එක රුපියල් 59ක් වෙනවා. 99 එක 119ක් වෙනවා. කරුණාකරලා වෙළෙඳසැලට ගියම අලුත් ගාණ විමසලා ඉන්න. ඔබලා පරණ ගාන ඒ රීලෝඩ් එක දැම්මොත්. ඔබලා බලාපොරොත්තුවන පැකේජ ලබාගන්න බැහැ. අපි රජයට බරක් නැහැ. රජය අපිට බරක්. අපි මේ බර කරෙන් බිමට තියෙනවා. පොළොවේ ගහනවා මේ බර කොයිවෙලේ හරි.