27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPolitical"නඩු 35කට උසාවි නොගිහින් කට්ටි පැන්න ගෝඨාභයට දැන් උසාවි යන්නත් වෙයි"

“නඩු 35කට උසාවි නොගිහින් කට්ටි පැන්න ගෝඨාභයට දැන් උසාවි යන්නත් වෙයි”

රටින් පැනලා ගිහිල්ලා තැන තැන රස්තියාදු වෙවී ඉඳලා ලංකාවට ආව ගෝඨාභයට දැන් ජනාධිපති කමත් නැහැ. මන්ත්‍රීකමත් නැහැ. පක්ෂයකුත් නැහැ. ඔහු දැන් නිකම්ම නිකම් පුරවැසියෙක් පමණයි. ජනාධිපති මුක්තියට මුවා වෙලා නඩු තිස්පහකට උසාවි නොගිහින් කට්ටි පැන පැන හිටිය ගෝඨාභයට දැන් උසාවි යන්නත් සිද්ධ වෙයි. එතකොට හිතෙනවා ආපු එකේ නරකකුත් නැහැ කියලා” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ‘ජන පීඩක ආණ්ඩුව පන්නමු ! ජනතාවාදී පාලනයක් ගොඩනඟමු!’ යන මැයෙන් බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

ගෝඨාභය ලංකාවට ආවේ ඇයි? බාරගන්න කිසිම රටක් කැමති නැති නිසා. මාලදිවයිනේ දවස් දෙකක් හිටිය ඊට පස්සේ සිංගප්පූරු ගියා ඒවායෙ ඉන්න බෑ වැඩිකල්. පස්සේ තමයි තායිලන්තයට ගියේ. හිටපු රට ඇමරිකාවට යන්න උත්සාහ කරනවා කරනවා එහේ බාර කරන්නෙත් නැහැ. අන්තිමට කවුරුත් බාර ගන්නේ නැති නිසා ආපහු හිටපු තැනටම හොරාට එන්න සිද්ධ වුණා. ඒකෙන් පේන දේ තමයි ජනතාවට විශාල බලයක් තියෙනවා ජනතා විරෝධී වෙච්ච හුඟදෙනෙකුට ලෝකය පුරා වෙච්ච දේ අපි හිතනවා ගෝඨාභය රාජපක්ෂ ගෙන් හෝ රනිල් වික්‍රමසිංහ ඉගෙන ගන්නවා නම් හොඳයි කියලා. ගෝඨාභයට ජනාධිකම ට ඉල්ලන්න කලින් නඩු තොගයක් තිබුණා අලි සබ්රි මහත්තයා තමයි කිව්වේ නඩු 35ක් තිබ්බලු එයා තමයි ඒවට පෙනී හිටියේ කියලා. ඒ නඩුව හරියට ඇහුවේ නැහැ ජනාධිපති වුණාට පස්සේ මොකද වුණේ ජනාධිපතිට තියෙනවනේ මුක්තිය කියලා එකක්. ඒ නිසා ජනාධිපති උසාවි ගේන්න බැහැ. ඒ නිසා ඒ නඩු එකක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ. ඔන්න දැන් අවස්ථාවක් තියෙනවා පරණ නඩු ටික අහන්න. අපි හිතනවා නීති අංශ ඉන්න කවුරුත් එකතුවෙලා පරණ නඩු ටික ආපහු එළියට ගනී කියලා. අපිට බලන්න පුළුවන් ගෝඨාභය උසාවි ගිහින් නඩු වලට උත්තර දෙන හැටි.”