― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalපාන් ගෙඩියක මිලයි රනිල්ගේ වාහනයේ මිලයි අනුර සැසඳූ හැටි

පාන් ගෙඩියක මිලයි රනිල්ගේ වාහනයේ මිලයි අනුර සැසඳූ හැටි

රනිල් වික්‍රමසිංහගේ නිවසට හානි කිරීමෙන් සිදුවූ අලාභය රුපියල් මිලියන 205ක් බවත් ඉන් මිලියන 14ක් නිවසට අලාභ හානි වී ඇති අතර ඉතිරි මිලියන 191ම වාහනයට වූ අලාභහානි බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පෙන්වා දෙයි.

රුපියල් මිලියන 191ක් වාහනයේ අලාභ හානිය නම් වාහනයේ වටිනාකම කොපමණක් දැයි දිසානායක ප්‍රශ්න කළේය. රටේ ජනතාවට අද වනවිට පාන් ගෙඩියක් ගන්න වෙලා තියෙන්නේ රුපියල් තුන්සීයට විතර. එහෙම රටක ජනාධිපතිවරයාගේ වාහනයක වටිනාකම කොච්චරක්ද මේ සංවේදී මිනිස්සු දැයි හෙතෙම එහිදී අසා සිටියේය.

රනිල් කියනවා වැඩ කරන්නේ නැති රාජ්‍ය සේවකයො ගෙදර යන්නලු. හැබැයි රනිල්ගේ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ මණ්ඩලය කීයද? අධ්‍යක්ෂ මාධ්‍ය උපදේශක, මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරු, මාධ්‍ය අධ්‍යක්ෂවරු, වීඩියෝ සංස්කරණ අධ්‍යක්ෂවරු, විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරු, නිර්මාණශීලී ඡායාරූපකරණ අධ්‍යක්ෂවරු මේ වගේ කී දෙනෙක් අද පත් කරලා තියනවද? වැටුප ලක්ෂයයි, අසූ දාහයි. තෙලුයි වාහනයි එක්ක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කරන්න ඕනෑ. මේගොල්ලෝ කරන රාජකාරිය මොකක්ද කියලා. මෙපමණ ප්‍රමාණයක් ජනාධිපති කෙනකුට අවශ්‍යද?

පසුගියදා රනිල්ගේ ගෙදරට වුණු අලාභය ගැන සී.අයි.ඩී. වාර්තාවක් ඉදිරිපත් කළා. ගෙදරටයි වාහනයටයි මිලියන 205ක අලාභයක් වෙලා කියනවා. ගෙදරට වෙලා තියන අලාභය මිලියන 14යි. මිලියන 191 ක් වාහනේට අලාභ වෙලා. ඒ කියන්නේ දහනව කෝටි දස ලක්ෂයක් පමණ වාහනයේ අලාභය. එතකොට වාහනේ මිල කොච්චරක්ද?
එහෙව් කෙනෙක් තමයි අද රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව කතා කරන්නේ.