29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපුවත්පත් අලෙවිය පහත වැටෙයි

පුවත්පත් අලෙවිය පහත වැටෙයි

පිට පළාත්වල පුවත්පත් අලෙවිය මේ වන විට පහත වැටී ඇති බව පුවත්පත් සමාගම් පවසනවා.

රට තුළ පවතින කඩදාසි හිඟයත් සමඟ පුවත්පත් මුද්‍රණය කිරීමට නොහැකිවීම මෙයට හේතුව වී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

පවතින ඩොලර් අර්බුදයත් සමඟ කඩදාසි ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීම මේ වනවිට ගැටළුවක්ව පවතිනවා. ඇතැම් සමාගම් මේ වන විට පුවත්පත් මුද්‍රණය කරමින් සිටින්නේ මීට පෙර ආනයනය කර තිබූ කඩදාසි යොදාගෙනයි.

ඇතැම් සමාගම්වලට මේ වනවිට කළුකඩ මිල ගණන් යටතේ කඩදාසි මිලට ගැනීමට සිදුව ඇති බව ද එම සමාගම් සඳහන් කරනවා. කඩදාසි හිඟය සහ අනෙකුත් අර්බුධ හමුවේ පුවත්පත්වල මිල ගණන් ද ඉහළ දැමීමට ඇතැම් පුවත්පත් සමාගම් කටයුතු කර තිබීමද විශේෂත්වයක්.