― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපෙත්සම් සභාවේ සභාපති ධුරය ජගත් පුෂ්පකුමාරට

පෙත්සම් සභාවේ සභාපති ධුරය ජගත් පුෂ්පකුමාරට

නවවන පාර්ලිමේන්තුවේ තුන්වැනි සභා වාරයේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර යළි තේරී පත්ව තිබෙනවා.

එම තනතුර සඳහා ඔහුගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න විසින් යෝජනා කර ඇති අතර එය ස්ථිර කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් විසින්.

පසුගිය පළමු වනදා පාර්ලිමේන්තුවේ දී පැවති මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීමේදී මේ තීරණ ගෙන තිබෙනවා. ජගත් පුෂ්පකුමාර මන්ත්‍රීවරයා නවවන පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාර‍යේදී ද මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙසට කටයුතු කරනු ලැබුවා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 (1) අනුව පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව විසින් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව සඳහා සාමාජිකයන් පත්කර ගැනීම පසුගිය දා සිදුකළා.

ඒ අනුව ඉම්තියාස් බාකීර් මාකාර්, පියංකර ජයරත්න, දිලිප් වෙදආරච්චි, වඩිවේල් සුරේෂ්, එස්. වියාලේන්ද්‍රන්, අශෝක ප්‍රියන්ත, අරවින්ද් කුමාර්, ගීතා සමන්මලී කුමාරසිංහ, බී. වයි. ජී. රත්නසේකර, සාරතී දුෂ්මන්ත, ගෝවින්දන් කරුණාකරම්, ජයන්ත කැටගොඩ, මොහමඩ් මුසම්මිල්, තුෂාර ඉඳුනිල් අමරසේන, වේලු කුමාර්, වරුණ ලියනගේ, යූ. කේ. සුමිත් උඩුකුඹුර, මායාදුන්න චින්තක අමල්, නිපුණ රණවක, ගාමිණී වලේබොඩ, රාජිකා වික්‍රමසිංහ සහ එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන යන මන්ත්‍රීවරුන් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සෙසු සාමාජිකයන් වනවා.