― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPolitical"මෙතන තියෙන්නේ කොලේ වහලා ගැහිල්ලක්" - හර්ෂ ද සිල්වා

“මෙතන තියෙන්නේ කොලේ වහලා ගැහිල්ලක්” – හර්ෂ ද සිල්වා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා රජය හෙළිදරව් කළ යුතු බවත් රාජපක්ෂ ආණ්ඩුව එක්ව සිදු කළ ආර්ථික විනාශය හේතුවෙන් අද රට මෙවන් තත්ත්වයකට පත්ව ඇති බවත් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

මන්ත්‍රරිවරයා මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය ඊයේ (04) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

මාණ්ඩලික එකඟතාවයකට එළැඹීමට හැකිවීම පිළිබඳව රජය දැඩි ලෙස සන්තෝෂයට පත්ව සිටියද මෙම එකඟතාවල අන්තර්ගතය කුමක්ද යන්න සම්බන්ධයෙන් රටේ ජනතාවට කිසිදු අවබෝධයක් නොමැති බව මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.

දැන්නම් පළවෙනි පාරට අයි.එම්.එෆ් එකෙන් කියලා තියෙනවා මුළු ලෝකෙම කියනවා ලංකාවට ඔහෙලා පල්හොරු. මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි ඔහෙලා හොරකම් කරලා. මොකද්ද කියන්නේ. දුෂණය නවත්වන්න මොකක්ද ගන්න වැඩපිළිවෙළ. කෝ අලුත් නීති ගේන්න වෙයි. මේ හොරකම් කරපු මිනිස්සුන්ට දඬුවම් දෙන්න වෙයි. හැබැයි දඬුවම් දෙන්න පුළුවන්ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට. ඒක තමයි අපි කිව්වේ කොහාගෙයි කාක්කාගෙයි කතාව. මේවා එනකොට හරි දඬුවම් දෙන්න රනිල් වික්‍රමසිංහ ලෑස්ති වෙනකොට කාක්කෝ ටික ඉන්න දෙයිද?

දැන් මෙතන මට පේන්නෙ නියම කොලේ වැහිලා ගැහිල්ලක් තමයි, කොලේ වහලා ගහලා තියෙනවා ලස්සනට. කිසි කෙනෙක් දන්නේ නෑ. කිසිම කෙනෙක් දන්නේ නැහැ. ජනාධිපතිවරයා දන්නවා. කැබිනට් එක දන්නවා. නැතුව පාර්ලිමේන්තුව මේක සම්මත කරගෙන නැහැ. අඟහරුවාදාට මේක ඉදිරිපත් කළේ නැත්නම් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස මම ඒ තීරණ වගයක් ගන්නම්. මම දැන් ඒක මෙතන කියන්න සූදානම් නැහැ. නමුත් මට වගකීමක් තියෙනවා මේ රටේ මිනිස්සු වෙනුවෙන්.