29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalරාජ්‍ය ඇමතිවරු හෙට දිවුරයි - ඇමති ධුරවල වෙනසක් නැහැ

රාජ්‍ය ඇමතිවරු හෙට දිවුරයි – ඇමති ධුරවල වෙනසක් නැහැ

රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම හෙට (06) සිදුවනු ඇති බව ආණ්ඩු පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් 35 දෙනෙකු පමණ පත් කිරීමට නියමිතව ඇති අතර රාජ්‍ය අමාත්‍ය ධුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කරන ලද මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

රාජ්‍ය අමාත්‍යවරුන් පත් කර ඇතත් රාජ්‍ය අමාත්‍යාංශයට වෙනම මුදල් වෙන් නොකරන බවත් ඔවුන් තම කැබිනට් අමාත්‍යවරයාට අයත් අමාත්‍යාංශය යටතේ කටයුතු කළ යුතු බවත් දන්වා ඇත.

ස්ථිර කැබිනට් මණ්ඩලය පත්කිරීමට තවත් සති දෙකක කාලයක් ගතවනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. කැබිනට් මණ්ඩලය පත්කිරීම ප්‍රමාද වීමට හේතුව වී ඇත්තේ කැබිනට් අමාත්‍ය ධූර සඳහා ඉදිරිපත් කර ඇති නාම ලේඛනයේ ඇති ඇතැම් නම්වලට ඇතැම් පාර්ශව විසින් විරෝධය පළ කර තිබීමයි.

කෙසේ වෙතත් දැනට සිටින අමාත්‍යවරුන් 18 දෙනාගේ ධූරවල වෙනසක් නොමැති අතර නව කැබිනට් අමාත්‍යවරුන් පමණක් කැබිනට් මණ්ඩලයට එක්වනු ඇති බවයි වාර්තා වන්නේ.