33 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsTATA හිටපු සභාපති ජීවිතක්ෂයට

TATA හිටපු සභාපති ජීවිතක්ෂයට

ලොව ප්‍රමුඛතම මෝටර් රථ සමාගමක් වන ටාටා සමාගමේ හිටපු සභාපති සයිරස් මිස්ට්‍රි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන්දියාවේ මුම්බායි නුවර බලා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් සුඛෝපභෝගි මෝටර් රථය ඊයේ (04) අනතුරට ලක්ව ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

අනතුරෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. 54 හැවිරිදි සයිරස් මිස්ට්‍රි 2016 වසරේදී ටාටා සභාපති ධුරයෙන් නෙරපා හරින ලද්දේ ඔහුගේ ක්‍රියාකාරිත්වය විවේචනය කිරීමෙන් අනතුරුවයි.

මේ අතර මෙම ප්‍රකෝටිපතියාගේ මරණය ව්‍යාපාරික ලෝකයට විශාල පාඩුවක් ලෙස පවසමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සයිරස් මිස්ට්‍රිගේ හදිසි අභාවය සම්බන්ධයෙන් සිය ශෝකය පළකර තිබේ.