27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමරකීර්ති අතුකෝරළගේ දරුවන් ජනපති හමුවෙයි

අමරකීර්ති අතුකෝරළගේ දරුවන් ජනපති හමුවෙයි

නිට්ටඹුව ප්‍රදේශයේදී ඉකුත් මැයි 09 වැනිදා සිදුවූ සිදුවීමෙන් මිය ගිය පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වුණා.

ඔවුන් ඊයේ (05) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. එහිදී අදාළ සිදුවීම පිළිබඳ බලවත් කණගාටුව පළ කළ ජනාධිපතිවරයා එම දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු අවශ්‍ය ඕනෑම උපකාරයක් තිබේ නම් තමා වෙත දැනුම් දෙන ලෙසද ඔවුන්ට පවසා තිබෙනවා.

තමා පෞද්ගලිකව හෝ මන්ත්‍රීවරයා වෙනුවෙන් රජයෙන් කෙරෙන ප්‍රදානයන් යටතේ ඕනෑම උපකාරයක් එම දරුවන්ගේ අනාගතයත් පවුලේ සුබසාධනයත් වෙනුවෙන් ලබාදීමට සූදානම් බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

අදාළ සිදුවීමෙන් මිය ගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන නිලධාරියා වෙනුවෙන් පොලිස් ත්‍යාග අරමුදලෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමද පසුගියදා ජනාධිපතිවරයා අතින් සිදු වුණා.