31.7 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මිල සූත්‍රයේ වගකීම මුදල් අමාත්‍යංශයට

ඉන්ධන මිල සූත්‍රයේ වගකීම මුදල් අමාත්‍යංශයට

ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් තීරණය ගැනීමට ඉදිරියේදී මුදල් අමාත්‍යාංශයට භාරදීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ලබන 15 වැනිදා වනවිට මෙම තීරණය ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර පෙට්‍රල් සහ සුපර් ඩීසල් අලෙවියෙන් සංස්ථාව මේ වනවිට ලාභයක් උපයන බව අමාත්‍යවරයා සඳහන් කළා. එමෙන්ම ඩීසල් සහ භූමිතෙල් පිරිවැය හා සමාන මුදලකට අලෙවි සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.