26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනතාවට තවත් බරක් පටවන නව බද්දක්

ජනතාවට තවත් බරක් පටවන නව බද්දක්

දැනට ඇති බර දැනටමත් ජනතාවට දරාගන්නට නොහැකි බවත් මෙම අලුත් බද්ද නිසා ජනතාව මත නැවත නැවතත් බර පැටවෙන බවත් අනුර කුමාර දිසානායක පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ආර්ථිකය කඩාවැටීමට හවුල් වූ අයට කිසිඳු ආර්ථික බලපෑමක් ඇතිවී නැති බවත් අර්බුදය නිර්මාණය කළ අය ගැන කිසිම තීන්දුවක් ගන්නේ නැති බවත් අනුර කුමාර දිසානායක එහිදී ප්‍රකාශ කළේය.

සාමාන්‍ය ජනතාව මත බදු බර පටවමින් ආතතියක් ඇති කරමින් සිටින අතර සේවා, නිෂ්පාදන හා මිලට ගෙන විකිණීම යන ක්ෂෙත්‍ර සියල්ලටම මේ අලුත් බද්ද බලපාන බැවින් මෙම බදු පනතට විරෝධතාව පළ කරන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.