24.5 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනන්දලාල් ඉවත් කරන්න විපක්ෂයට ආසයිද දන්නෑ

නන්දලාල් ඉවත් කරන්න විපක්ෂයට ආසයිද දන්නෑ

වත්මන් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහව එම ධූරයෙන් ඉවත් කිරීමට රජයට අවශ්‍ය නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය අද (06) පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

වර්තමාන මහ බැංකු අධිපතිවරයා ඉවත් කිරීමට අපට කිසිම වුවමනාවක් නැහැ. ඔහු පත් කළේ හිටපු ජනාධිපතිවරයා. වත්මන් ජනාධිපතිවරයා සිය ධුර කාලය දීර්ඝ කළා. විපක්ෂය හදන්නේ මහ බැංකු අධිපති ඉවත් කරන්න හදනවා කියලා රටට පෙන්වන්න. ඒ අයට එහෙම ආසාවක් තියෙනවද දන්නෙ නෑ.”