31 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය සේවකයින්ට වැටුප් රහිත වසර 05ක නිවාඩු

රාජ්‍ය සේවකයින්ට වැටුප් රහිත වසර 05ක නිවාඩු

විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයින් සඳහා දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ජ්‍යෙෂ්ඨත්වයට හානියක් සිදුනොවන පරිදි උපරිමය වසර 05කට යටත්ව විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට දේශීය වශයෙන් නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබුණා.

ඒ අනුව අදාළ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.